Skip to main content

උළුහාල්


ආසියාතික රටවල් වල මුළුතැන් ගෙවල් වල ඇති ව්‍යංජන රසවත් කිරීමටත් කැඳ වර්ග ගුණදායක  කිරීමටත් උදව් වෙන උළුහාල්වල සැබෑ වටිනාකම ඔබ දන්නවාද?

             විටමින් C  හා D  වලින් පෝසත් යකඩ, කැල්සියම්, සින්ක්, කොපර් සෙනිලියම් ඛනිජ වර්ග තයොමින් මියසින් ෆොලික්  අමිලය වැනි පෝෂක අඩංගු, උළුහාල් ඈත අතීතයේ සිටම රෝග නිවාරණයට යොදා ගැනුණා.

             දියවැඩියාව, ඇදුම, ආතරයිටීස්, අමිලපිත්ත, රක්න හීනතාව, කොලෙස්ටරෝල් සම මත වන තුවාල, පිළිස්සීම්, මාන්දම, ස්නායු රෝග, කටී වායුව, සිහිකල්පනාව අඩු වීම වැනි රෝග ගොඩකට උළුහාල් ගුණ දායකයි. ඒවා සිරුරේ ප්‍රදාහ තත්ව  බැහැර කළ සන්ධි වේදනා මැඩපවත්වනවා. කෙදි  සහිත නිසා මලබද්ධය නැති කළ ආහාර දිරවීම පහසු කරනවා මෙහි ඇති වස පස ඉවත් කිරීමේ හැකියාව නිසා බඩවැල්වල ඇති පිළිකාවලට ඉඩක් නැති වෙනවා.

             උළුහාල් වල අඩංගු සංයෝග මගින් ඉන්සියුලින් නිපදවීම වර්ධනය කරන නිසා දියවැඩියාව පාලනය කරනවා. ෆෝලික් අම්ලය නිසා උළුහාල් කිරිදෙන මවුවරුන්ටත් ඉතා පලදායකයි. අලුත් මවකට පහසුවෙන් කිරි එරෙන  අතර දරු උපතින් ඇතිවෙන වේදනා තත්ත්වයන් ඉක්මනින් දුරු කිරීමට සහාය වෙනවා. දරු උපත් පමා වන අයට ගර්භාෂගත රෝග දුරු කරමින් දරු සම්පත් ලබා ගැනීමටත් උපකාරී වෙනවා.
මොලේ නිරෝගි කරමින් බුද්ධිය හා කල්පනා ශක්තිය වර්ධනය කරන්ටත් චර්ම රෝග බැහැර කර සම පැහැපත් කරන්නත් සිරුරේ නොයෙක් රෝගවලට ගොදුරු කරන තරබාරුව පාලනය කරන්නටත් උළුහාල් වලට පුළුවන්.

             හිසකෙස් වැටීම අකලට සුදුවීම වලකා ඉස්සොරි දුරු කර හිසකෙස් මනාව වැඩීමටද උළුහාල් උපකාරී වෙනවා.පොල්තෙල් වලට උළුහාල් දමා රත්කර හිස කෙස් ගැම මනා කෙස් කළඹක් වඩවා ගැනීමට පෙර සිට පවතින කාන්තා පුරුද්දක්.

              උළුහාල් වලින් ඇතිවෙන නිරෝගී වීම හරහා තරුණ පෙනුමක් ලැබීමත් තරුණ ජවයක් ලැබීමත් සිදුවෙනවා අතීසාරය පාචන රෝගීන් ට උළුහාල් අහිතකර වන අතර, හෘද රෝගීන්ට වැඩි වශයෙන් ගැනීම නුසුදුසුයි.

උළු හාල් වලින් අත් බෙහෙත්

  • වාත අමාරු,  බඩ පුරවා දැමීම් වලදී උළුහාල් සුදුළුනු  සමඟ තම්බා බීම.


හිස්හොරි ඇතිවිට

  • දෙහි සමඟ තම්බා හිසේ ගෑම.
  • උළුහාල් තේ හැඳි තුනක් රැයේ පෙගෙන්නට තබා උදේ අඹරා හිස ගා සම්බාහනය කර පැයක් පමණ තබා සෝදා හැරීම.


දියවැඩියා රෝගීන්ට රුධිර ගත සීනි පාලනයට

  • උළුහාල් කබලේ බැද කුඩුකර අසුරා තබාගෙන තේ හැන්දක් දමා බීමෙන් උණු දියෙන් සකසාගත් කෝප්පයක් උදේ හිස්බඩ බිම.
  • උළුහාල් රැයේ පෙඟෙන්නට තබා එම දිය උදෑසන හිස්බඩ පානය කිරීම උළුහාල් ද  සපා කන්න


තරබාරුව පාලනයට

  • මදක් රත් කර උළුහාල් කුඩු කර මීපැණියෙන් අනා කෑම
  • උළුහාල් හොඳින් තම්බා පෙරා මී පැණි සමඟ පානය කිරීම


කොලෙස්ටරෝල් පාලනයට

  • ආහාර ගැනීමෙන් පසු උළුහාල් ඇට කිහිපයක් සපාකෑම.
  • උළුහාල් කොටස් 2 කට කළුදුරු ගොරකා කුරුදු කරපිංචා දළු කොටස් 1 බැගින්ද ගම්මිරිස් ඉඟුරු කොටස් භාගය බැගින් ද දමා ලුණු ස්වල්පයක් එක් කර අඹරා ගෙන සම්බෝලයෙන් නෙල්ලි ගෙඩියක ප්රමාණයක් සමග කෑම තරබාරුව පාලනයටත් සුදුසුයි.


       තරුණ පෙනුම හා ජවය ලැබීමට පුලුවං පිටි කර  කැඳ සකසා බීම.

Comments

Popular posts from this blog

Lyrics, Review and meaning of the song "Hello"by Adele

  Hello Hello, it's me I was wondering if after all these years you'd like to meet To go over everything They say that time's supposed to heal ya But I ain't done much healing Hello, can you hear me? I'm in California dreaming about who we used to be When we were younger and free I've forgotten how it felt before the world fell at our feet There's such a difference between us And a million miles Hello from the other side I must've called a thousand times To tell you I'm sorry For everything that I've done But when I call you never Seem to be home Hello from the outside At least I can say that I've tried To tell you I'm sorry For breaking your heart But it don't matter, it clearly Doesn't tear you apart anymore Hello, how are you? It's so typical of me to talk about myself, I'm sorry I hope that you're well Did you ever make it out of that town Where nothing ...

Herbs based home remedies to cure cold!

Huuuuchchiiiishh….. Oh yeah! You’re going to get it quickly. The first sign of cold then the running nose and continuous sneeze. Enjoy next couple of days. 😁             Cold is a general disease that we frequently caught up with. Heavy cold, dust and many other factors causes this. This can also be caused by virus and mainly affect the upper respiratory system. The main impact is on nose. Frequent Coughing, difficulty in throat, running nose, sneezing and fever that exist for 7 to 10 days are the main symptoms.             Without rushing into pharmacy or doctor you can try following home remedies to treat cold.   Take two table spoons of dried coriander seeds, dry ginger, dried two flowered Indian madder (pathpadagam), dried yellow vine (veniwalgata), dried surattense night shade (katuwal batu) and boil with 8 cups of water until it dry up to 1 cup, then...